මහර කඩු නඩුව විභාගයට
නීතිඥ චමිලා කුමාරි කුලසේකර මහත්මියට අනතුරක් කිරීම සඳහා තම කාරයේ ඩිකියේ කඩුවක් රැගෙන ආ බව කියන නීතිඥ ප‍්‍රියන්ත ජයවර්ධනට එරෙහි නඩුව ඔක්තෝබර පළමු වැනිදා විභාගයට ගන්නැයි මහර මහේස්ත‍්‍රාත් සහන් මාපා බණ්ඩාර මහතා නියෝග කෙළේය.
නීතිඥ ජයවර්ධන ඇප මත මුදාහරිනු ලැබ සිටි.
සාපරාධි බියගැන්වීම, අනතුරක් කළ හැකි කඩුවක් සන්තකයේ තබා ගැනීම යටතේ ඔහුට චෝදනා ගොනු කැරෙන බව පැමිණිල්ලේ නීතිඥ ජී.ඞී. කුලතිලක මහතා අධිකරණයට දැන්වීය.

