(නිමල කොඩිතුවක්කු)
ඉදිරි මහ මැතිවරණයේදී දෙමළ ප‍්‍රගතිශීලී සන්ධානය වන්නි සහ මඩකළපුව දිස්ත‍්‍රික්කවලට තරඟ කරන බව එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන් මහතා ලංකාදීපයට පැවැසීය.
උතුරු නැගෙනහිර ජනතාවගෙන් ලැබුනු ඉල්ලිම් මත මෙම තීරණය ගත් බවත් ඒ වෙනුවෙන් අශ්‍ය වැඩපිලිවෙල මේ දිනවල සිදුකරගෙන යන බවත් මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.
ප‍්‍රගතිශීලී සන්ධානය එක්සත් ජාතික පෙරමුණ හා එක්ව ඉදිරි මැතිවරණයට තරඟ කරන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් පැවසූ මන්ත‍්‍රීවරයා එම පෙරමුණ සමඟ ඉදිරියේදී මේ සමබන්ධයෙන් සාකච්ඡා කරන බවත් පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන් මහතා නායකත්වය දරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී පී. දිගම්බරන් මහතා නායකත්වය දරන ජාතික කම්කරු පෙරමුණ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වී රාධාක‍්‍රිෂ්නන් මහතා නායකත්වය දරන කඳුරට ජනතා පෙරමුණ, දෙමළ ප‍්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරනු ලබයි.

