මහනුවර හූනා අපේම එකෙක්


වසර 160 ට පෙර කඳුකරයෙන් සොයාගත් මහනුවර හූනා හෙවත් හෙමිඩැක්ටිලස් පීරෙසි 2012 වර්ෂයේදී නව හූනන් විශේෂයක් බව සුදේශ් බටුවිට හා රොහාන් පෙතියගොඩ යන සත්ත්ව විද්‍යා පර්යේෂකයන් දෙදෙනා විසින් තහවුරු කැර තිබේ. එඩ්වට් කොලාට් විසින් 1852 දී මේ හූනා ප්‍රථම වරට සොයාගෙන විද්‍යාත්මකව නම් කළ ද 1935 දී එම හූනා ඊට පෙර වාර්තා වී තිබූ හෙමිඩැක්ටිලස් ඩිප්රෙසස් නමැති හූනාම බවට තීරණය විය. නැවත මේ පිළිබඳ පර්යේෂණ කළ බටුවිට හා පෙතියගොඩ දෙදෙනා මහනුවර හූනා ශ්‍රී ලංකාවට ආවේණික නව විශේෂයක් බව තහවුරු කැර තිබේ. මහනුවර හූනා තෙත් කලාපයේ කඳු සහ තැනිතලා ආශ්‍රිත වනාන්තර වල ජීවත් වේ.  මෙම සොයාගැනීමෙන් ශ්‍රී ලංකාවේ හූනන් සංඛ්‍යාව 43 ක් වන අතර ආවේණික විශේෂ සංඛ්‍යාව 34 ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුදේශ් බටුවිට මහතා රොහාන් පෙතියගොඩ මහතා