මහනුවර සත්‍යග‍්‍රහ අට්ටාලය නොකැඬේ
පේරාදෙණි සරසවි සිසුන් පිරිසක් මහනුවර දළදා වීදියේ එක් පසෙක අට්ටාලයක් මත පවත්වාගෙන යන සත්‍යග‍්‍රහය මහජන පීඩාවකියි කියමින් එම අට්ටාලය ඉවත් කිරීම සඳහා පොලිසිය කළ ඉල්ලීම මහනුවර මහේස්ත‍්‍රාත් රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතා විසින් ඉවත දැමිණි.
සරසවි ඇදුරු වර්ජනයට විසඳුම් දී නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරන්නැයි සිසුහු ඉල්ලති. මහජනයාට අවහිරයක් නොවන අයුරින් තනා ඇති මේ අට්ටාලයෙන් මහජන පීඩාවක් වන්නේ කෙසේදැයි මහේස්ත‍්‍රාත් පොලිසියෙන් ඇසීය.

