මහනුවර ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ ‘සිංගර්’ ලීග් රග්බි ශූරතාව දිනති
මහනුවර ත‍්‍රිත්ව විදුහල ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ (2012) පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (23) පැවැති අවසන් තරගයේදී ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 76-5 ක් ලෙස කොළඹ ඞී. එස්. සේනානායක විදුහල පරාජය කරමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය තහවුරුකර ගැනීමට සමත් වූහ.

