(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අපගේම ඇමතිවරයෙක් 2011ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම ගැන කළ ප්‍රකාශය අනුමත නොකරන අතර මහනුවර ජනතාව ඇමතිවරයාට නිසි පිළිතුරු නොදුන්නොත් ඔවුන් මෝඩයන් සේ සැලකීමට සිදුවන බව දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයලත් නන්දන ප්‍රනාන්දු මහතා ( පොදුජන පෙරමුණ ) අද(14) පැවසීය.
වැඩ බලන සභාපති ඉන්දික ජයසිංහ මහතාගේ (පො.ජ.පෙ.) ප්‍රධානත්වයෙන් පැවති මාසික සභා රැස්වීමේදී අදහස් දැක්වූ නන්දන මහතා බෝලයක්වත් අතින් අල්ලා නැති පුද්ගලයෙක් කරන කතා හෙළා දකින බවද කීය.
'ක්‍රිකට් ක්‍රීඩාවට මෙයින් කලු පැල්ලමක් ඇති කලා. ක්‍රිකට් කණ්ඩායමට මගේ කනගාටුව පළකරනවා. සංගක්කාර කවුද කියා මම හොඳින් දන්නවා. ඔහු වරදක් වුණාම නිහතමානීව පිළිගන්න පුද්ගලයෙක්. ක්‍රීඩකයින් වුවමනාවෙන් පාවා දීම් කරන්නේ නැහැ. කරුණාට දොර අරින්න ගියත් සංගාට එහෙමවුණේ නැහැ. ඒ වගේම හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අගරදගුතුමන් ගැන කළ ප්‍රකාශයත් අනුමත කරන්නේ නැහැ' යැයිද නන්දන මහතා සඳහන් කළේය.


