මහනුවර උසස් බාලිකා චිත‍්‍ර දැක්ම ජූනි 10


(ඇන්ටන් විජේරත්න මහනුවර සිට) - මහනුවර උසස් බාලිකා විදුහල ආරම්භ කර වසර 135ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර ඇති චිත‍්‍ර ප්‍රදර්ශනයට සමගාමිව පළමු ශේණියේ සිට 11 ශේණිය දක්වා චිත‍්‍ර කලා විෂය හදාරන දරුවන්ගේ චිත‍්‍ර 500කට වඩා ඇතුළත් ඉඳුසැවි 2014 ච්ත‍්‍ර ප‍්‍රදර්ශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන අංශ ප‍්‍රධානි ඩබ්ලිව්.පී.එම්. සුදර්ශන බණ්ඩාර මහතා  2014 ජූනි 10 දින පෙ.ව. 8.30ට විදුහල් ප‍්‍රධාන ශාලාවේ දී විවෘත කිරීමට නියමිතය. විදුහලේ චිත‍්‍ර කලා ගුරු උපාලි දිසානායක මහතා සංවිධානය කරන මෙම චිත‍්‍ර දැක්ම නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා ඇත.