මහනුවර 20-15 කින් හැව්ලොක්ස් පරදවයි


අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ අද (28) නිත්තවෙල පිටියේදී පැවැති තරගයේදී මහනුවර ක‍්‍රීඩකයෝ ලකුණු 20-15 කින් හැව්ලොක්ස් පිල පරාජය කරමින් අපරාජිත වාර්තාව රැකගැනීමට සමත් වූහ. පළමු අර්ධය අවසන් වන විට මහනුවර පිල ලකුණු 10-7 ක් ලෙස පෙරමුණේ පසුවිය.