මහනුවර - මාතර දුම්රියේ මැදිරි වෙන්වෙයි


(මහින්ද නිශ්ශංක)

මහනුවර  සිට මාතර  බලා  ධාවනය වු  අංක 40 දුම්රිය අද (7) පෙ.ව. 7.50 ට පමණ ගනේමුල්ල දුම්රිය ස්ථානයට  ළඟාවෙමින් තිබියදී  දුම්රිය මැදිරි එන්ජිමෙන් ගැලවී  ගොස් ඇතැයි  දුම්රිය පාලක කාර්යාලය පවසයි.

පසුව විනාඩි 15 ක පමණ කාලයක් තුළ යළි  මැදිරි සියල්ල එන්ජිම සම්බන්ධ කර  විනාඩි 35 ක පමණ ප්‍රමාදයකින් පසු දුම්රිය කොළඹ කොටුවට ළඟා වු බව පවසයි.

මේ හේතුවේ අද (7) උදෑසන කාර්යාල දුම්රිය විනාඩි 30 ක් පමණ ප්‍රමාද විය.