මහනුවර - නාවික - ලයන්ස් හයවැනි සතියේ ජය ලබයි


අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ හයවැනි සති අන්තය යටතේ පැවැති තරග තුනකදී මහනුවර ක‍්‍රීඩා සමාජය, නාවික හමුදා සහ කන්ද උඩරට ලයන්ස් යන කණ්ඩායම් ජයග‍්‍රහණ ලැබීය. මහනුවර පිල ලකුණු 54-3 කින් ගුවන් හමුදා පිල ද, නාවික හමුදා පිල ලකුණු 58-17 කින් සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල ද පරාජය කළේය. කන්ද උඩරට ලයන්ස් පිල යුද හමුදා පිලට එරෙහිව ලකුණු 23-20 ක තියුණු ජය ලැබීය.