මහජනයා අපේ ප්‍රතිපත්ති පිළිගත්තා


ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පිහිටුවා මාස පහක් ගතවන්නට පෙර තමා ගැන විශ්වාසය තබා ලබා දුන් ජයග්‍රහනයට මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් ජනතාවට තමා ස්තුති වන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් පොන්සේකා මහතා එසැණට කීවේය.

අනෙක් පක්ෂ සෝදා පාළුවට ලක්වෙලා.  සන්ධානය වගේම එක්සත් ජාතික පක්ෂය උත්සහ කළේ තමන්ගේ ඡන්ද පදනම බේරා ගන්නයි.

නමුත් අපේ ප්‍රතිපත්ති මිනිස්සු පිලි අරන්. රටේ ජනතාවට අවශ්‍ය වන්නේ අවංක  දේශපාලන රටාවක්. අපි ඒක ඔවුන්ට ලබා දෙනවා.

පත් වුනු මන්ත්‍රීවරු අපේ පක්ෂයේ නිති වලට එකගවයි ඡන්දය ඉල්ලුවේ. බැරි වෙලාවත් ඔවුන් පක්ෂය මාරු කරන්න හැදුවොත් ඔවුන්ට විරුද්ධව උපරිම නීතිය ක්‍රියාත්මක කරනවා.

මගේ බිරිද මාව දාලා ඇමරිකාවට ගියා කියලා බංකලොත් දේශපාලකයෝ කීවා. ඒකෙන් ඔවුන් මෝඩ සතුටක් ලැබුවා. 

අපි දෙන්නා වගේම පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ උපරිම මහන්සියේ ප්‍රතිඵල තමයි මේ ලබා තියෙන්නේ.