(විනීතා එම් ගමගේ)
කිසිදු හේතුවක් නිසා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ රාජකාරි ආවරණය කිරිමට කටයුතු නොකරන්නැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය සිය සාමාජිකත්වයට දන්වා යවා ඇත.
මේ වනවිට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වෘත්තිය සටනකට එළැඹ ඇති බැවින් යම් අවස්ථාවක ඔවුනගේ රාජකාරි ආවරණය කරන්නැයි කීට විද්‍යාඥයින්ට උපදෙස් ලැබිය හැකි නමුත් එය එසේ නොකරන්නැයි සාමාජිකත්වය දැනුවත් කළ බව කීට විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා ලංකාදීපයට පැවැසීය.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඉකුත් 17 වැනිදා සිට වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹ ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශයකට විරෝධය පළ කිරීමට හා ක්‍ෂෙත්‍ර රාජකාරිවල දී අවශ්‍ය වන බලතල ඔවුන්ට දෙන්නැයි බලකිරීම සඳහාය.
මේ වනවිට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කොවිඞ් 19 මර්දන රාජකාරි පමණක් නොව බෝවන රෝග වැළැක්වීමේ රාජකාරි සියල්ලෙන් ද ඉවත්ව ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියයි.

