මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසූ සැකකරු රිමාන්ඩ්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 බණ්ඩාරගම අටලුගම දී මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට තර්ජනය කර කෙල ගැසූ කොරෝනා  වෛරසය  ආසාදිත සැකකරු පානදුර අධිකරණයට ස්කයිප් තාක්ෂණය ඔස්සේ  ඉදිරිපත්  කිරීමෙන් අනතුරුව  මෙම මස 17 දක්වා  රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.
                     
මෙලෙස රිමාන්ඩ්  භාරයට පත් කරන ලද්දේ අටලුගම බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි පකිර් මොහොමඩ් අමීර්  52 හැවිරිදි තැනැත්තාය.

පසුගිය දෙවැනි දා  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම පුද්ගලයා රෝහල් ගත කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා ඔහුගේ නිවස වෙත ගිය අවස්ථාවේදී  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බැණ වැදී තර්ජනය කර ඔවුන් ඔහු  කැබ් රථයේ නැඟ  පිටත් වීමට සූදානම් වීමේ දී එහි දොර බලහත්කාරයෙන් විවෘත කර  සැකකරු කෙළ ගසා තිබිණි.

 

මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන්ට කෙළ ගැසූ සැකකරු අත්අඩංගුවට