මහජන සාමය රැකීමේ බලය තවදුරටත් ත්‍රිවිධ හමුදාවට


(රංජන් කස්තුරි)

රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවට බලය පැවරීම තවත් මසක කාලයක් සඳහා දීර්ඝ කර තිබේ.

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කැඳවමින් ඉකුත් මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ අතර එය හෙට (22) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මසකින් දීර්ඝ කර ඇත.