මහජන බැංකු සමාන්‍යධිකාරීගේ වැටුප ලක්ෂ 21ක්


(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)

මහජන බැංකුවේ සමාන්‍යධිකාරිවරයා මේ වන විට රුපියල් ලක්ෂ 21ක මාසික වැටුපක් ලබන බවත් වයස අවුරුදු 60 පිරුණු ඒ නිලධාරියා තවත් අවුරුද්දක සේවා දිගුවක් ඉල්ලා කළ ඉල්ලීමක් පොදු ව්‍යාපාර පිළිබඳ කරක සභාව (කෝප්) ප්‍රතික්ෂේප කළ බවත් එම කාරක සභාවේ සභාපති, පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය.

මේ නිලධාරියා රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක හිඟ වැටුප් වර්ධකයක්ද ලබා ගෙන තිබූ බව හදුන්නෙත්ති මහතා කීය.

හදුන්නෙත්ති මහතා මේ බව පැවැසුවේ කෝප් කාරක සභාවේ කටයුතු පිළිබඳව කරුණු දක්වමිනි.

සුනිල් හදුන්නෙත්ති මහතා මෙසේද පැවැසීය.

   ‘‘මහජන බැංකුවේ සමාන්‍යධිකාරිවරයා වයස 60 පිරුනට පස්සෙත් තවත් වසරක සේවා දිගුවක් ඉල්ලා තිබුණා. අප ඒ සේවා දිගුව ප්‍රතික්ෂේප කළා. 60 පිරුණු අයගේ සේවය දීර්ඝ නොකර බැංකුව තුලින්ම බඳවා ගැනීම කරන්න කියලා අප නිර්දේශ දුන්නා. මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශය අපේ නිර්දේශ පිළිගත්තා.‘‘

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - කෝපි කමිටුවේ නිර්දේශ පිළිගන්නවා.