මහකුඹුක්කඩවල වැඩිහිටියෝ


( නිලානි දම්මිකා ගුණරත්න ආණමඩුවේ සිට ) - ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වැඩිහිටි සමිති 25ක පමණ සාමාජික වැඩිහිටියන්ගේ සහභාගීත්වයෙන් සුහද හමුවක් පසුගියදා මහකුඹුක්කඩවල වැව් තාවුල්ලේදී පවත්වීය.

සමාජ සේවා අධ්‍යක්ෂ කමල් අමරසිරි, මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් දිලාන් ගුණරත්න, සමාජ සේවා නිලධාරී පත්මලතා බාලසූරිය යන මහත්ම මහත්මීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම වැඩිහිටි සමාජ නියෝජනය කරමින් පැමිණ සිටි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

වැඩිහිටියෝ ඔවුන්ගේ ගතේ දුබල බව අමතක කොට අපූර්ව නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් රාශියකින් මෙම සුහද හමුව අලංකාර කළහ.