(විනීතා එම් ගමගේ)
මහ මැතිවරණයේ තරඟ වදින්නට අපේක්ෂකයන් 7452 දෙනෙක් සිටියත් සැබැවින්ම තරඟ කරන්නේ 2,000 කට ආසන්න පිරිසක් පමණකැයි පැෆරල් සංවිධානය කියයි.
මහ මැතිවරණයට ඉදිරිපත්වී ජයගෙන පාර්ලිමේන්තුවට යාමට බලාපොරොත්තු වන අපේක්ෂකයින්ට වඩා වැඩි පිරිසක් දේශපාලන අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දපොල නියෝජිතයින් පත් කිරීමට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන නියෝජිතකම් ලබාගැනීමට සහ ප්‍රචාරක අවස්ථා ලබා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් වී ඇති බව නිරික්ෂණ කණ්ඩායම් පෙන්වා දී ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
මැතිවරණයට ඉදිරිපත් වීමේ පුරවැසි අයිතිය පිළිගන්නා නමුත් ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් ද මෙසේ ඉදිරිපත් වීම වැළැක්වීමට ඇපමුදල වැඩිකිරීම හෝ එවැනි යම් පියවරක් ගත යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම පුද්ගලික අරමුණු ඉටු කරගැනීම සඳහා කරන කටයුතු නිසා ඡන්ද පත්‍රිකාවේ දිග වැඩිකිරීමේ සිට විශාල අතිරේක වියදමක් සහ ශ්‍රමයක් වැය කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදුව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මෙම තත්ත්වය වඩාත් කණගාටුදායක යැයි ද කොමිෂන් සභාව විසින් නියම කර ඇති ඇප මුදල ඉතා සුළු මුදලක් වීම හේතුවෙන් මෙසේ ස්වාධීන කණ්ඩායම් වැඩි වන්නේ යැයි ද හෙතෙම කියා සිටියේය.
රෝහණ හෙට්ටිආරචිචි මහතා මේ අදහස් පළ කළේ ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීම් ආයතනයේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ අතර එකම පක්ෂයේ අපේක්ෂකයන් අතර සිදුවන ගැටුම් හා ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම වැඩි වෙමින් පවතිතැයි පූර්ව මැතිවරණ සමයේ සිදුකෙරෙන නිරික්ෂනවල දී පෙනී යන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
පූර්ව මැතිවරණ සමය ඉතා දිගු කාලයක් ලැබුණු මැතිවරණය ලෙස මෙවර මැතිවරණය ඉතිහාස ගත වන බවත් නාමයෝජනා භාර දුන් දින සිට මාස පහකට ආසන්න කාලයක් ප්‍රචාරක කටයුතු සඳහා වෙන්ව තිබු බවත් කී හෙට්ටිආරච්චි මහතා කෙසේ වෙතත් සෞඛ්‍යමය හේතු මත බොහෝ සීමාවන් පැනවී තිබු බවත් ඔහු කියා සිටියේය.
මැතිවරණයේ දී නිරික්ෂකයන් 5000 කට ආසන්න නිරික්ෂඛයන් පිරිසක් නිරික්ෂණ කටයුතුවල යෙදෙනු ඇතැයි පැවසූ හෙට්ටිආරච්චි මහතා පැෆරල් සංවිධානය දිගුකාලින නිරික්ෂකයන් 335 දෙනෙකු සෑම ප්‍රාදේශීය බල ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි යෙදවීමට කටයුතු කර ඇති බව ද කීය.
සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් කාර්යාල පිහිටුවා නිරික්ෂණ කටයුතු සැළසුම් කිරීමට හා ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් 25 ක් හා ක්ෂෙත්‍ර සම්බන්ධීකාරකවරුන් 25 දෙනෙකු ද වශයෙන් යොදවා ඇතැයි හෙතෙම සඳහන් කළේය.
මීට අමතරව දිස්ත්‍රික් පැමිණිලි මධ්‍යස්ථාන සම්බන්ධීකරණය හා නිරික්ෂණය සඳහා නිරික්ෂකයින් 25 දෙනෙකු දැනටමත් යොදවා ඇති බවද ඔහු කියා සිටියේය.
සමාජ මාධ්‍යයන්හි වෛරි ප්‍රකාශන සාවද්‍ය තොරතුරු නිවැරදි තොරතුරු වැරදි ලෙෂ අර්ථ නිරූපනය, ජාති ආගම් දේශලාන කටයුතු සඳහා භාවිතය යන කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් නිරික්ෂණය කෙරෙන බවත් ඔවුන්ගේ නිරික්ෂණ දෛනිකව නීතිඥවරයෙකුගේ අධීක්ෂණයෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකරන බවත් අනතුරුව අවශ්‍ය කටයුතු සඳහා ෆේස් බුක් වෙත යොමු කරන බවත් එම පැමිණීලි සඳහා කඩිනම් ක්‍රියා මාර්ග ගැනීමට එම ආයතනය එකඟ වී ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

