මහ බැංකු ගොඩනැගිල්ලෙන් වැටී සිසුවෙක් මිය යයි


(නිමන්ති රණසිංහ)

කොළඹ කොටුව පිහිටි මහ බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලේ ඉහළ මහළින් වැටී 16 හැවිරිදි පාසල් සිසුවකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ, මහ බැංකුවේ සේවයේ නියුතු නිලධාරියකුගේ පුතෙකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

එම සිසුවා ගොඩනැගිල්ලෙන් පැන දිවිනසාගත්තේ ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටින බව පොලිසිය සඳහන් කරයි.

සිසුවාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය  මේවනවිට කටයුතු කරමින් සිටින්නීය.