මහ කොටියෙක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරයි


කොටි සංවිධානයේ ඇඳුම් සැපයුම්කරු වන කයිට්ස්හි දයාන් ඇන්තනී (30) ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරනු ලැබ ඕස්ට්‍රේලියාවේ සිට එරට ආගමන නිලධරයන් සිව්දෙනෙකුගේ රැකවරණ මැද අද අලුයම කටුනායක ගුවන් තොටුපළට රැගෙන එනු ලැබීය. ගුවන් තොටුපළේදී ශ්‍රී ලංකා ආගමණ  විගමණ නිලධාරීන්ට බාරදීමෙන් අනතුරුව වැඩිදුර පීක්ෂණ සඳහා ඔහු රහස් පොලීසියට බාර දෙනු ලැබීය. මීගමුවේද පදිංචිව සිටි මොහු 2010දී වලංගු ගමන් බලපත්‍රයකින් බැංකොක් ගොස් යළි අවුත් 2012දී යලි ව්‍යාජ ගමන් බලපත්‍රයකින් නැවත බැංකොක් ගොස් එහි සිට ඕස්ට්‍රේලියාවට ද ගොස් තමාට සැහැසිකම් කළැයි ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ කමිටුවක සාක්කි දී ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට මීගමු උසාවියේ වරෙන්තුවක් තිබියදී පැණ ගොස් ඇති බවත් කියයි.