ජාතික ඖෂධ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කථානායක චමල් රාජපක්ෂ මහතා අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ජාතියේ හිත සුව පිණිස වහා සම්මත කරගත යුතු පනතක් ලෙස ජනපති විසින් මෙම පනත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කැර තිබිණි.
ගිය රජය කාලයේ මෙම පනත සම්මත කැර ගැනීමට නොහැකි වු බවත් එය අතුරුදන් වු බවත් හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා තිබිණි.

