මහ ඇමැතිකම් දෙන හේතු මෛත‍්‍රීපාල කියයි
මූලික කරුණු කීපයක් පදනම් කරගෙන මහ ඇමැතිවරුන් නම් කරන බවත් ජ්‍යෙෂ්ඨත්වය, ප‍්‍රවීණත්වය, මනාප සංඛ්‍යාව සහ ජාතික දේශපාලනයට තිබෙන පළපුරුද්දට මූලිකත්වය දෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියයි.
මේ අනුව ඇතැම්විට උතුරුමැද මහ ඇමැති පදවිය සිව්වැනි වරටත් හිටපු මහා ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාට හිමිවීමට ඉඩ තිබේ. පසුගිය 8 වැනිදා පැවැති ඡුන්දයෙන් එස්.එම්. රංජිත් මහතා ඔහුට වඩා මනාප ලබා ගත්තේය.
සබරගමු මහ ඇමැතිකම රත්නපුරයට ඉල්ලා සිටියත් මෙවරද මහ ඇමැතිකම කෑගල්ල දිස්ත‍්‍රික්කයේ මහීපාල හේරත් මහතාට ලැබෙතියි දැනගන්නට ඇත. නැගෙනහිර මහා ඇමැතිකම ගැන ස්ථීර වශයෙන් දැනගන්නට නැත.

