මහ ඇමති දමන ප්‍රා සභාව බේරා ගනී


නැගෙනහිර මහ ඇමති නජීම් එම් මජීඩ් මහතාගේ නියෝගයෙන් දමන ප්‍රාදේශීය සභා රැස්වීම අද කල් තැබූ අතර සභාපති මංගල මහින්ද ගුණවර්ධන මහතා පැමිණ සිය කාමරය වසා බැහැර විය.

සංධානයේ මන්ත්‍රීවරු හය දෙනා සභා ශාලාවේ රැස්ව සභාපතිට විරෝධ පළ කර පස්වරු එකට පමණ පිටත්ව ගියහ.

අද රැස්වීම කල් දැමුණේ තෙවැනි වරටය.

අයවැය විවාදය අදට නියමිතව තිබිණි.

මීළඟ රැස්වීම 23 වැනි දා පවත්වන ලෙස ප්‍රාදේශීය පළාත් පාලන සහකාර කොමසාරිස් ඒ ජේ මොහොමඩ් ඉර්ෂාන් දන්වා ඇත.

සන්ධානයේ මන්ත්‍රීවරු හත් දෙනකුගෙන් ද, එජාප මන්ත්‍රීවරු දෙදෙනකුගෙන් දමන ප්‍රාදේශීය සභාව සමන්විත වෙයි.