බස්නාහිර පළාත් ආණුඩුකාර අලවි මව්ලානා මහතගේ 81 වැනි ජන්ම දිනය වෙනුවෙන් චාම් උපන්දින සමරුමක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රවේදී අද (1) සවස පැවැත්විණි. මව්ලානා මහතාගේ මී මිණිබිරියන් වන ශෆ්රා සහ රීමා සමග එක්ව ඔහු කේක් ගෙඩියක් කපා උත්සවය ඇරැඹීය. ඔහු වෙනුවෙන් සැකසූ උපහාර ගීයක්ද ගායනා කැරිණි. ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ දේශපාලනාඥයෝ ද, වෘත්තීය සමති නායකයෝ ද, සර්ව ආගමික නායකයෝ ද එහි වූහ. තම දේශපාලන දිවියට වසර 50කටත් වඩා මේ වන විට ගතව ඇති බවත් තම කාලය අසරණ කම්කරු යහපත සඳහා වැය කළ බවත් ඉදිරියටත් එම සේවාව කරගෙන යන බවත් මව්ලානා මහතා කීවේය.

