මවුපියෝ පාසැලක් වටලති
හාලිඇල ශාන්ත ජේම්ස් විදුහලේ ආහාර විෂවීමෙන් සිසුන් සිය ගණනක් ලෙඩවීමට පාසල් පරිපාලනය වග කිව යුතු යයි කියමින් මවුපියෝ හත් අට සියයක් අද පාසල වැටලූහ.
හාලිඇල කලාප කාර්යාල නිලධරයෝ එහි පැමිණ පොලීසියද සමග එක්වී ගැටුම සමනය කිරීමට සැරැසේ.

