මල්ලිට දස වද දුන් අයියා අත්අඩංගුවට


ඩබ්ලිව්.ඒ. අසේල
 
වයස අවුරුදු දොළහක පිරිමි ළමයෙකුට වද හිංසා කළැයි සැකපිට එම දරුවාගේ වැඩිමහළු සහෝදරයකු සහ සහෝදරයාගේ බිරිය ලෝක ළමා දිනය යෙදන අද අත්අඩංගුවට ගත් බව    ගලහ පොලිසිය කියයි.
 
කුඩා ළමයකු මහ හඬින් හඬන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත එහි ගිය පොලිස් නිලධාරින්ට දහසක් අඩන්තේට්ටන් වලට මැදිවූ මෙම දරුවා සොයාගත හැකිවී තිබේ. දරුවාට විසි කැතිවලින් හා පොලු වලින් පහරදී ඇති අතර ඇවිදිමට නොහැකි ලෙස දැව කදන් කකුල් මත පටවා තිබී ඇතැයි පොලිසිය පවසයි.
 
ග්‍රාම  නිලධාරි කාර්යාලයක් පිටුපස පිහිටා ඇති මෙම නිවසේ දොර මුල්ලක  සිටිය දී දරුවා සොයා ගෙන ඇත.   දරුවාගේ පියා මියගොස් ඇති අතර මවද විදේශගතවි ඇතැයි පොලිසිය පවසයි.    
 
වයස අවුරුදු විසිහතරක් පමණ වන අයියා සහ ඔහුගේ බිරිද මෙම දරුවාද වද දි ඇතැය මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.