මල් කැකුළු 1286ක් තලලා
2011 වසරේ අවුරුදු 16 අඩු ළමයින් කෙළෙසීමේ සිදුවීම් 1169ක් වාර්තා වන බවත්, 2012 ජනවාරි 31 වැනිදා තෙක් එවැනි සිදුවිම් 117ක් වාර්තා වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මෙම සිදුවීම්වලින් සියයට අනූ පහක්ම සම්පූර්ණයෙන් විසදා සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද, ළමා අපරාධවලින් වැඩිපුරම වාර්තා වී ඇත්තේ අනුරාධපුරය,අම්පාර, කුරුණෑගල, මොණරාගල, රත්නපුර, පොළොන්නරුව, පානදුර, මාතලේ, හලාවත, කෑගල්ල, තංගල්ල , මහනුවර සහ ගම්පහ ප්‍රදේශවලින් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි.
අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසන්නේ මෙවැනි අපරාධ වැලැක්වීමේ අරමුණිනේ මේ වසරේ දැනුවත් කිරමේ වැඩසටහන් 5280ක් පවත්වා ඇති බවයි. මෙවැනි අපරාධ ගැන 0112826444 දුරකතන අංකය තොරතුරු ලබා දිය හැකි බව ද ඔහු කියයි.

