මල් කඩන්න ගිහින් මල් කැකුළු දෙකක් පරවේ


අම්පාර මහඔය ඉද්දපොළ විල්ලතලාව වැවේ නෙළුම් මල් කැඩීමට ගිය සිසුන් දෙදෙනකු මරුමුවට පත්වීයැයි පොලිසිය කියයි.

ඔවුන්ගේ සිරුරු මහඔය රෝහලට ගෙන ගොස් මරණ පරීක්ෂණයට තබා ඇත.

වයස අවුරුදු 13ක් පමණ වන මේ සිසුන් මල් කැඩීමට ගොස් ඇත්තේ අඟහරුවාදා තම විදුහලේ පැවැත්වෙන ගුරු උපහාර උළෙලකට මල් සපයා ගැනීම සඳහා බව ද පොලිස් ආරංචි කියයි.