ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ නිලවරණය ඊයේ (3 වැනිදා) ආරම්භ වූ අවස්ථාවේදී සභාවේ ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා කී‍්‍රඩා ඇමැතිවරයා කැඳවීමට සිදුවිය. මලල කී‍්‍රඩා නිලවරණය ඊයේ පෙරවරුවේදී ජාතික කී‍්‍රඩා විද්‍යාතන ශ‍්‍රවණාගාරයේදී පැවැත්වුණි.
කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය නිලවරණය පැවැත්වීමට සුදානම්වීමත් සමගම නැගී සිටි කී‍්‍රඩා සමාජ හා සංගම් නියෝජිතයෝ පිරිසක් විරෝධතා ඉදිරිපත් කරමින් ඡන්ද විමසුම පෙර පැවැති ක‍්‍රමයට අනුව රහස් ඡන්දයෙන්ම කළයුතු බවත් අත් ඔසවා ඡන්දය ප‍්‍රකාශ කිරීමට ගත් තීරණයකට විරෝධය පළකරන බවත් පවසා සිටියහ.
ඔවුන්ගේ තවත් විරෝධතාවයක් වුයේ භාණ්ඩාගාරික ධූරයට නාමයෝජනා බාර දුන් කිරාන් අතපත්තු මහතාට නිලවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව සලසාදිය යුතු බවත්ය.
මලල කී‍්‍රඩා නිලවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ගේ පවුලේ සාමාජිකයකු මළල කී‍්‍රඩාවට සම්බනධව සිටි නම් ඒ තැනැත්තාට නිලවරණයට ඉදිරිපත් විය නොහැකිය යන නීතිය මෙතෙක් සම්මතවී නොමැති බැවින් අතපත්තු මහතාට නිලවරණයට තරග කිරීමට අවස්ථාව සළසාදිය යුතු බවත් විරෝධතා ඉදිරිපත් කළ නියෝජිතයෝ දිගින් දිගටම පෙන්වා දුන්හ.
උද්ගතවූ තත්ත්වය හමුවේ කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරිය කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කළද සභාවේ දිගින් දිගටම පැවැති නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා සභාව වෙත කැඳවාගෙන ඒමට සිදුවිය.
එහිදී කරුණු පැහැදිලි කළ කී‍්‍රඩා ඇමැතිවරයා මලල කී‍්‍රඩා නිලවරණය කැදවා ඇත්තේ පවතින ජාතික කී‍්‍රඩා පනතේ හා මලල කී‍්‍රඩා සංගමයේ රෙගුලාසි හා නීති රීති වලට අනුව බවත් අසාධාරණයක් සිදුවේ නම් ඔවුන්ට නිලවරණයෙන් පසු අධිකරනයට යාහැකි බවත් පැවසීය.
කී‍්‍රඩා ඇමැතිවරයා කරුණු පැහැදිලි කිරීමෙන් පසු සභාවෙන් පිටව ගිය අතර ඇමැතිවරයා මාධ්‍යවේදනට අදහස් දැක්වීමෙන් වැළකී සිටියේය. ජාතික කී‍්‍රඩා සංගමයක නිලවරණයෙක් පැවැත්වෙන අවස්ථාවක කී‍්‍රඩා ඇමැතිවරයා ඊට සහභාගිවීම දුර්ලභ සිද්ධියකි.
අනතුරුව නිලවරණය පැවැත්වීම කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරිය විසින් ආරම්භ කරන ලදී.
ලේකම් ධූරය සඳහා පැවැති ඡුන්ද විමසුමේදී පේ‍්‍රමා පින්නවල මහතා පරාජය කරමින් රියර් අද්මිරාල් ෂෙමාල් ප‍්‍රනාන්දු මහතා වැඩි ඡන්ද 15කින් එම ධූරයට පත්විය. එහෙත් මෙම අවස්ථාවේදී කුරුණෑගල, ශ්‍රී ලංකා පාසල්, කොළඹ, මහනුවර සහ පුත්තලම යන සංගම්ද සි.ටී. ඇන්ඞ් එෆ්. සී. කී‍්‍රඩා සමාජයද ඡුන්දය දීමෙන් වැළකී සිටියහ.
උප සභාපති තනතුර සඳහා නාමයෝජනා 13 ක් ඉදිරිපත් වූවද ඉන් දෙකක් කල්තබාම ඉවත් කරගන්නා ලද අතර පී. එච්. ඞී. වෛද්‍යතිලක මහතා ඊයේ පෙරවරුවේදී සිය නාමයෝජනාව ඉල්ලා අස්කරගත්තේය.
එහිදී හිටපු සභාපතිවරයකු වන සුනිල් ජයවීර මහතා ඡුන්ද 102 ක් ලබාගනිමින් පහසුවෙන් උප සභාපති ධූරයකට තේරී පත්විය. හිටපු සුපිරි කෙටි ධාවන ශූරිය සුසන්තිකා ජයසිංහ (ඡන්ද 71), අජිත් නාරගල (82), එච්. ඩබ්ලිව්. නිමල්සිරි (65) සහ අජිත් අබේසේකර (61) සහ ඒ. දේවේන්ද්‍රන් (60) උප සභාපති ධූර ලැබුවෝ වෙති. කෙසේ වෙතත් ඒ සඳහා ඉදිරිපත් වූ හිටපු මැදි දුර ධාවන ශූර සුගත් තිලකරත්නගේ පරාජය (ඡන්ද 58) කැපී පෙනුනි.
උපාලි කුමාරසිරි (38), අනිල් වීරසිංහ (32), සහ එන්. ඒ. ටී. ජයසිංහ (23) පරාජය වූ හිටපු නිලධාරීහු වෙති.
භාණ්ඩාගාරිකවරයා තෝරා ගැනීම සඳහා පැවති ඡුන්දයේදී යගුලිය විසිකිරීමේ ජාතික ශූරයා වූ තලවොව් අලයිලීමා (ඡන්ද 48) පරාජය කරමින් හිටපු භාණ්ඩාගාරික චන්දන ඒකනායක මහතා (ඡන්ද 50) සිය තනතුර රැකගැනීමට සමත් විය. හිටපු උප භාණ්ඩාගාරික එච්.ඒ. උපාලි මහතා (ඡන්ද 22) පරාජය කරමින් ඔලිවර් ප‍්‍රනාන්දු මහතා (67) එම ධුරයට පත්විය.
නිලවරණය කැඳවූ අවස්ථාවේදී ජාත්‍යන්තර මලල කී‍්‍රඩා තාක්‍ෂණ නිලධාරි පී. එච්. ඞී. වෛද්‍යතිලක මහතා නාමයෝජනා ඉල්ලා අස්කර ගත්තේය. නිලවරණයේදී කී‍්‍රඩා ඇමතිවරයා තමන්ට සහයෝගය දෙන බව පවසා සංගම් වෙත යැවු ලිපියක් මතභේදයකට තුඩුදීම ඊට ආසන්නතම හේතුව වූ බව වාර්තාවේ.
කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ප‍්‍රකාශ කළේ එය අනුමත කළ නොහැකි කි‍්‍රයාවක් බවයි.
මලල කි‍්‍රඩා සංගමයේ නිල සටහන් කරු වශයෙන් ජී. ජී. යූ. සමන් කුමාර 17 වැනි වසරටත් නිතරගයෙන් පත්විය.
නිලවරණයෙන් පසු පැවැති මාධ්‍ය හමුවට එක්වූ මලල කී‍්‍රඩා සංගමයට නිතරගයෙන් පත්වූ නව සභාපති මේජර් ජනරාල් දයා රත්නායක මහතා පැවසුවේ නිලවරණයෙන් පරාජයට පත්වුවත් සුගත් තිලකරත්න මහතාගේ සේවය ලබාගැනීමට තමා කටයුතු කරන බවයි.
ලබන ජුනි මාසයේදී කොළඹදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය වඩාත් උසස් අයුරින් පැවැත්වීමට කටයුතු යොදන බවත් ඔහු පැවසීය.
මෙවර මලල කී‍්‍රඩා නිලවරණයට දිස්ති‍්‍රක් සංගම් අනුබද්ධ සංගම් හා කී‍්‍රඩා සමාජ 38ක් සහභාගිවූ අතර මුළු ඡුන්ද එකතුව 113ක් විය. එක් අපේක්‍ෂකයකු පැවසුවේ මලල කී‍්‍රඩා නිලවරණයට එල්ල වූ ඇතැම් දේශපාලන බලපෑම් ගැන තමන්ට දිස්ති‍්‍රක් සංගම් නියෝජිතයන්ගෙන් දැනගන්නට ලැබුණු බවයි.
ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ නව නිලධාරි මණ්ඩලය (2012-13)
සභාපති : මේජර් ජනරාල් දයා රත්නායක මහතා (නිතරගයෙන්)
ලේකම් : රියර් අද්මිරාල් ෂෙමාල් ප‍්‍රනාන්දු (ඡන්ද 50)
භාණ්ඩාගාරික : චන්දන ඒකනායක මහතා.(ඡන්ද 50)
උප සභාපති : සුනිල් ජයවීර (ඡන්ද 102) අජිත් නාරගල (82), සුසන්තිකා ජයසිංහ (71) එම්. ඩබ්. නිමලසිරි (65) අජිත් පේ‍්‍රමලල් අබේසේකර (61) හා ඒ දේවින්ද්‍රන් (60) යන මහත්වරු
උපලේකම් : බර්නාඞ් පෙරේරා මහතා (නිතරගයෙන්)
උප භාණ්ඩාගාරික : ඔලිවර් ප‍්‍රනාන්දු මහතා (ඡන්ද 67)
සටහන් කරු : ජී. ජී. යූ. සමන් කුමාර (නිතරගයෙන්)