මලයාසියා නැව අල්ලන්න වරෙන්තු


මලයාසියා කොඩිය යටතේ යාත‍්‍රා කරමින් සිටියදී නැවියන්ගේ වැටුප් නොගෙවී යැයි කොළඹ වරායෙන් පිටත නැංගුරම්ලා සිටින ‘සාග් සිරියන්’ නැව අත්අඩංගුවට ගැනීමට කොළඹ  මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළේය. නැවේ මාස්ටර් ඇතුළු පහළොස් දෙනෙක් මේ යටතේ ඉදිරිපත් කළහ. ශ්‍රී ලාංකිකයකු ද ඒ   අතර වේ. තම වැටුප් නොගෙවා නැව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඈතට රැුගෙන යෑමට සැරැසෙතියි ඔවුහු කියති.