මලක් තැලූ ව්‍යාපාරිකයාත් රිමාන්ඩ්


අනියම් බිරියගේ 14 හැවිරිදි දියණිය තිස්සමහාරාම දෙබරවැව නවාතැන් පොළක දී කෙළෙසීයැයි සැකපිට ව්‍යාපාරිකයෙක් ද, ඔහුට ආධාර අනුබල දුන්නැයි නවාතැන්පොළ හිමිකරුවෙක් ද තිස්සමහාරාම මහේස්ත්‍රාත් ඉන්දික රුවන් ද සිල්වා මහතා විසින් ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

පන්නේගමුවේ ව්‍යාපාරික තොණ්ඩිලගේ බෙනෙට් නන්දන හා දෙබරවැව නවාතැන්පොළ හිමිකරුවකු වූ මද්දුම පටබැඳිගේ හසන්ත කුමාර රිමාන්ඩ් කරනු ලැබූ දෙදෙනා වෙති.