මරුසිරාගේ මල්ලිගෙන් සතුන් එළවන තුවක්කු දෙකක්


(දයාරත්න ඇඹෝගම) 
 
මීට වසර කිහිපයකට පෙර බෝගම්බර සිර ගෙදරදි එල්ලා මරා දැමූ සිරිපාල නොහොත් මරු සිරාගේ 64 හැවිරිදි බාල සොයුරා  සතුන් පලවා හැරිය හැකි තුවක්කු දෙකක් නිෂ්පාදනය කර ඇත.
 
අනුරාධපුර ,සාලියපුර,පුලියන්කුලම  ප්‍රදේශයේ පදිංචි මොහු ඩි.ජේ පියරත්න නැමති   සිව්දරු පියෙකි.
 
මොහු විසින් අහස් කූරු යොදා ගෙන සතුන් පලවා හැරිය හැකි තුවක්කුවක් හා ගල් උපයෝගි කර ගෙන සතුන් පලවා හැරිය හැකි තුවක්කුවක් නිශ්පාදනය කර තිබේ.  
 
වන සතුන්ගෙන් බෝග වගාවන්ට සිදුවන හානි වළකාලමින් ඔවුන් පලවා හැරීම, වගාන්ට හානි කරන අලි, වදුරන්,රිලවුන්, වවුලන්,දඩු ලේනන් ආදි සතුන්ට හානි නොවන ලෙස බිය ගන්වමින් පලවා හැරිමට මනාව උපයෝගි කර ගත හැකි විම මෙහි ඇති විශේෂත්වයයි.
 
මෙයින් වන සතුන්ට මෙන්ම මෙය භාවිතා කරන පුද්ගලයන්ටද හානි සිදු නොවන ලෙස මෙම තුවක්කු දෙක නිර්මාණය කොට ඇත.
 
සිය නිශ්පානයන් පිළිබදව අදහස් දක්වමින් ඩී.ජේ පියරත්න(64) මහතා මෙසේ පැවසීය.
 
‘මට ස්ථිර රැකියාවක් නෑ. වඩුවැඩ තමයි කරන්නේ. මාගේ බිරිඳත් පාදය ආබාදයකින් පෙළෙනවා. මං මේ තුවක්කු හදන්න හිතුවේ ගෙවතු වගාවන්ට සතුන්ගෙන් විශාල ලෙස හානි සිදුවනවා එයට පිළියමක් ලෙසයි. මෙයට බලපත්‍ර අවශ්‍ය නෑ. ග්‍රාම නිළධාරිතුමන් දැනුම්වත් කරලා තමයි මේ නිශ්පාදන කරන්නේ. මීට මාස දෙකක පමන සිට තමයි මේවා හදන්නේ.
 
තුවක්කු හදන්න ලී හා යකඩ බට අවශ්‍යයි. එක තුවක්කුවක් හදන්න රුපියල් 2500ක් පමණ යනවා.රුපියල් තුන්දහසක පමණ මුදලකට තමයි අලෙවි කරන්නේ. 
 
පොඩි කාලේ මායි අයියයි(මරැසිරා) සෙල්ලම් කරන්න සෙල්ලම් තුවක්කු හැදුවා. මීට අමතරව රෝද තුනේ පාපැදියක් වගේ නිශ්පාදන කිහිපයක් කළා. එල්ලා මැරුව අපේ අයියාගැන (මරු සිරා)ගැන කියවෙන මරුවා සමග වාසය චිත්‍රපටයටද මං සහය දී තිබෙනවා. ‘‘