පල්ලෙවෙල මිහිඳුපුරයේ පැවැති සාදයක දී ව්‍යාපාරිකයකු හා තැපැල් සේවකයකු මිය ගොස් පොලිසියේ දෙදෙනකු අසාධ්‍ය තත්ත්වයට පත්වී ඇත්තේ විදෙස් රටකින් ගෙනා බව කියන ෂැම්පේන් පානය කිරීමේ දී බව හෙලිවී ඇතැයි මීරිගම පොලිසිය කියයි.
මියගිය දෙදෙනාගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීමට ගම්පහ මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත් වන ලෙස අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් එස් යූ බී ගුණවර්ධන මහතා මීරිගම පොලිසියට නියෝග කළේය.

