මරුවා වැස්සත් එක්ක එයි


පැය තුනක් තිස්සේ පැවති මහ වැසි සමග අම්බලන්තොට කටුමැටි ගෙයක් කඩා වැටී එහි සිටි 70 හැවිරිදි ගැමියෙක් මරුමුවට පත් විය. අම්බලන්තොට පොලීසියට ද ගං වතුර ගලා ඇත. අම්බලන්තොට මහ්බන්තොට මාර්ගයේ ස්ථාන කිහිපයක්ම ගංවතුරට යටවී ඇත. අම්බලන්තොට, නෝනගම, හුංගම හා අගුණකොල පැලැස්සේ ගංවතුර බැසයන අතට හැරී ඇත. කහවත්ත වැල්ලදුර ගෙයකට ද පස් කන්දක් කඩා වැටී ගැමියෙක් මිය ගිය බව පොලීසිය කියයි. අධික වර්ෂාව නිසා කන්ද කඩා වැටෙන්නට ඇතැයි පොලීසිය කියයි.