මරදාන වාහන තදබදේට මාසෙකින් බෙහෙත්


කොළඹ මරදානේ රථවාහන තදබදයට ප්‍රධාන හේතු තුනක් සොයා ගත් බව කොළඹ රථවාහන පොලිසිය කියයි.

මරදාන පාලම හන්දියේ සිට කාර්මික හන්දිය දක්වා මාර්ගය පටු වීම, පංචිකාවත්තේ හා සංඝරාජ මාවතේ තදබදය ගැන පසුගිය දිනවල පැවැත්වූ සෝදියකදී කරුණු සොයා ගැනීමට සහකාර පොලිස් අධිකාරී සුමිත් නිශ්ශංක මහතා ඇතුළු  පිරිසකට හැකි විය.

කාර්මික විදුහල් හංදිය දක්වා මංතීරුවක් වැඩි කර, පංචිකාවත් හා සංඝරාජ මාවතේ මාර්ග ද පළල් කිරීමට යෝජනා කර ඇත.

ඒ සඳහා අඩු ගණනේ මාසයක්වත් ගත වෙතියි පොලිසිය කියයි.