මරණ දඬුවම් නියම වූ රැඳවියන් සිටින සිර මැදිරියකින් ජංගම දුරකතන-මත්කුඩු


( ජයන්ත සමරකෝන් )
 
වැලිකඩ බන්ධනාගාරයේ චැපැල්  වාට්ටුවේ ජී 3 සිර මැදිරියේ මරණ දඩුවම් විදින  සිව් දෙනකුගෙන් යුත් 96 දරණ සිර කුටියේ පොළොව යට වළලා තිබූ ජංගම දුරකතන තුනක් හා මත්කුඩු මිලි ග්‍රෑම්  400 ක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර බුද්ධි අංශය පවසයි.
 
බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක්  මත උදේ සහ සවස  අවස්ථා දෙකකදි මෙම මෙහෙයුම සිදු කර ඇතැයි පැවසේ
 
 අත්අඩංගුවට ගත්  තහනම් ද්‍රව්‍ය හා  උපකරණ පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යටතට ගෙන ඇතැයිද වාර්තා වෙයි.