මරණ තුනට හේතුව විදුලි කාන්දුවක්?
රත්මලාන ගොළුමඩමේ දෙමහල් නිවෙසක පහත මාලයේ මිය ගිය තිස් එක් හැවිරිදි මව පාසල් ගුරුවරියක බවත්, ඇය ළඟ නිදා සිටි වසර එක හමාරක් හා මාස තුනක් වයසැති දරුවන් දෙදෙනා ද මරුමුවට පත්ව සිටි බවත් පොලීසිය කියයි.
ව්‍යාපාරිකයකු බව කියන සැමියා යාබද කාමරයේ නිදා සිටියේ ය. විදුලි කාන්දුවකින් මරණ තුන සිදුවූයේ දැයි පොලීසිය සැක කරයි.
සිදුවීම වාර්තා කිරීමට එහි ගිය මාධ්‍යවේදීන්ට බාධා කරමින් අසාමාන්‍ය ලෙස හැසිරුණු කාන්තාවක් ද සිටියේය

