මනූෂ නානායක්කාර සී.අයි.ඩීයට ප්‍රකාශයක් දෙයි


(නිමන්ති රණසිංහ)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනට අදාළව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු- මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද (30) අපරාධ පරික්ෂණ දෙපාරත්මේන්තුවේ පෙනී සිට පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (30) උදෑසන 8.40ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ නිලධාරීන් ඉදිරියේ මෙම ප්‍රකාශය ලබා දී ඇති මනූෂ නානායක්කාර මහතා උදෑසන 11.50ට පමණ එම ස්ථානයෙන් පිටත්ව ගිය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)