මනාලිය මනාලයා රෝද පුටුවෙන් කැන්දන් යයි


කිසිදු ආබාධයක් නැති, ලස්සන කතක් (40) අඩි දෙකකට වඩා නූස්වූ ආබාධිත සමාජසේවකයකු (53) සමග හෝමාගමදී ආවාහ වූවාය. මීගොඩ කරුවලපිටියේ නිමල් ජයවර්ධන හා බත්තරමුල්ල පැලවත්තේ ඉරංගා සෙව්වන්දි මාබොගොඩ අතර විවාහය හෝමාගම අතිරේක විවාහ ලේකම් කේ.බී. සමිතා දීපිකා මහත්මිය විසින් ලියාපදිංචි කෙරිණි. දෙදෙනාම පේ‍්‍රම සම්බන්ධයකින් යුග දිවියට ඇතුළුවූහ.