මනාභරණ සෑයෙන් තාරා දෙවඟනගේ ප්‍රතිමාවක්


සියඹලාණ්ඩුව මනාභරණ පුරාණ රජමහා විහාරයේ ඉපාරැණි දැගැබේ කැණීම් කැරගෙන යද්දී තාරා දෙවඟනගේ   බවට විශ්වාස කැරෙන කිරිගරුඬ පිළිමයක් සොයාගත් බවත් සෙන්ටිමීටර් දහයක් උසැති එම පිළිමය අනුරාධපුරයුගයේ 7/8 සියවස්වලට අයිති බව පෙනෙන බවත් මහාචාර්ය රාජ් සෝමදේව පවසයි. මුලින්ම ප්‍රකාශ වුයේ මෛත්‍රි බෝසතුන්ගේ වැනි පිළිමයක් සොයාගත් බවයි.