බස්නාහිර සහ දකුණු පළාත්වල පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී අඟහරුවාදා (11) පළාත් සභා ඡන්දයේ අපේක්ෂකයින් වෙත මනාප අංක නිකුත් කිරීමට නියමිත බවත්, කච්චේරි භූමියට ඇතුළු විය හැක්කේ අපේක්ෂකයාට හා දේශපාලන පක්ෂයේ ලේකම්වරයාට පමණක් බවත් පොලිසිය කියයි.
කිසිම පිටස්තර වාහනයකට හෝ ආධාරකරුවන්ට කච්චේරිය අවට ප්‍රදේශයට පැමිණීමට අවස්ථාව ලබා නොදෙන බව කියන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පෙළපාළි ගිය හොත් මැතිවරණ පනතේ 69 වගන්තිය අනුව නීති විරෝධී පෙළපාළියක් ලෙස සලකා ඊට හවුල් වන පිරිස් හා වාහන අත්අඩංගුවට ගන්නා බව ද පවසයි.

