මන්නාරමේ හබේ අයට ඇප


මන්නාරම උසාවි සංකීර්ණයට පහර දී අලාභහානි කළැයි කියන සොළොස් දෙනා ඇප මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කෙළේය.  එක් සැකකරුවකුට මුදලින් රුපියල් දසදහසක් ද රුපියල් 5000ක ශරීර ඇපයක් ද ඉදිරිපත් කළ යුතුය. ධීවර ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පිරිසක් මන්නාරම මහේස්ත්‍රාත් උසාවියට අලාභහානි කළැයි කියනුයේ පසුගිය ජූලි 18 වැනි දාය.