මන්නාරමේ මහේස්ත්‍රාත්ට අපහාස නොකරනු
අධිකරණයට අපහාස කිරීම සම්පුර්ණයෙන් ම නතර කරන ලෙසත් මන්නාරම මහේස්ත්‍රාත්ට එරෙහිව සිදුකරන දේශපාලන බලපෑම් නවතා දමන ලෙසත් ඉල්ලමින් වවුනියාව, කිලිනොච්චිය, මුලතිව්, යාපනය සහ මන්නාරම නීතිඥවරු මන්නාරම දිසා අධිකරණය ඉදිරිපිට අද පෙරවුරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූහ. අපහාස කිරීම නතර නොකළහොත් විරෝධතාව දිගටම සිදු කරන බව ඔවුහු කියති. මෙම උද්ඝෝෂණය නිසා වවුනියාව, කිලිනොච්චිය, මුලතිව්, යාපනය සහ මන්නාරම අධිකරණ කටයුතු අදත් අඩාල විය.

