මන්නාරම මහේස්ත‍්‍රාත් ඇමැතිගේ කට උත්තර පිටපතක් ඉල්ලයි.


ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා රහස් පොලිසියට කළ ප‍්‍රකාශයේ සත්‍ය පිටපතක් ලබා දෙන්නැයි මන්නාරම මහේස්ත‍්‍රාත් ඇන්තනි ජූඩ්සන් මහතා නීතිඥවරයකු මාර්ගයෙන් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාගෙන් අද ඉල්ලා සිටියේය. මන්නාරමේ සිද්ධියක දී මහේස්ත‍්‍රාත්ට අපහාස කළැයි ඇමැතිට එරෙහිව පැමිණිලි කර තිබිණි. විත්ති පාර්ශවය නොමැතිව ඒ ගැන තීන්දුවක් දිය නොහැකි හෙයින් ලබන 28 වැනිදා ඇමැතිට උසාවි එන ලෙස මහේස්ත‍්‍රාත් විජේරත්න මහතා නියෝග කළේය.