මන්ත‍්‍රී රිය සේවකට මරු කැඳවයි


වව්නියාව ඊ.පී.ආර්.එල්.එෆ්. දේශපාලන කාර්යාල භූමියේදී ඊයේ (17) පෙරවරුවේ 10.30ට සිදුවූ රිය අනතුරකින් එහි සේවකයෙක් මරණයට පත්වූ බව වව්නියාව පොලිසිය කියයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවසක්ති ආනන්දන් මහතාට අයත් වෑන් රථයට යට වූ යතුරුපැදිය පැදවූ සේවකයා මේ අනතුරින් මිය ගියේය.