(දයාසීලි ලියනගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පවතින මාදිවෙල මන්ත්‍රී නිවාස ගරා වැටීමට ලක්වී ඇති නිසා,නාගරික සංවර්ධන අධිකාරිය සතු පන්නිපිටිය වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබ දෙන ලෙස ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දි ඇත.
එම නිවාස එකකයේ වටිනාකම රුපියල් මිලියන 14.2 සිට 19.8 දක්වා වේ.
පසුගිය මැයි 9 වැනි දා රට තුළ සිදු වූ කලබලකාරී තත්ත්වය මත නිවාස අහිමි වූ මන්ත්‍රීවරුන් සඳහා තාවකාලික පදනම මත වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් මන්ත්‍රීවරුන් සඳහා වෙන් කරනු ලබන නිවාසවලින් නිවාස ලබදෙන ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
නිවාස විනාශ වූ මන්ත්‍රීවරුනට මුදල් ගෙවීමේ පදනම මත එම නිවාස මිලදී ගැනීමට එකඟවන්නේ නම් ඒ සඳහා පහසුකම් සැලසිමට ද නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.