(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා වෙනම දිනයක් ලබා දීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
ඒ අනුව ලබන මස 4 වැනිදා සඳුදා ඒ සඳහා වෙන් කෙරෙනු ඇත.
මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා ලබන 27 වැනිදා සඳුදා දිනය මුලින් තීරණය කර තිබුණත් කොවිඩ් අවදානම හේතුවෙන් එම දිනය මෙසේ වෙනස් කළ බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි .

