නාලක සංජිව දහනායක
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සදහා මෙම වසරට විමධ්‍යගත ප‍්‍රතිපාදන වශයෙන් ලැබිය යුතු රුපියල් ලක්‍ෂ 100ක මුදල මේ වනතුරු ලැබී නැතැයි ඒකාබද්ධ විපක්‍ෂය සදහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට විමධ්‍යගත මුදල් ලබාදිය නොහැකි ආණ්ඩුවක් ගම්පෙරලිය වැනි සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන්නේ කෙසේදැයි තමන්ට නොතේරෙන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා අද පැවසීය.
ආර්ථික කළමණාකරණයේ අසමත්බව හේතුවෙන් ආණ්ඩුවට මුදල් නැති බවත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් යටතේ තමන් අත මුදල් ගැවසේයැයි මිනිසුන් සිතුවත් එය මිත්‍යාවක් බවට පත්ව ඇති බවත් මන්ත‍්‍රීවරයා කීය.
ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදන තවම නැතැයි ඒකාබද්ධය කියයි
Recommended Articles