මන්ත්‍රී වාහන බලපත් විකිණුයේ‘යැයි ගොණුකළ පෙත්සම ඉවතට


(තිලිණි ද සිල්වා

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 27 දෙනෙකු සිය තීරුබදු රහිත වාහන බලපත්‍ර විකුණා අයුතු ලාභ උපයාගෙන ඇතැයි කියමින් තමන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කර ඇති පැමිණිල්ල කඩිනමින් විභාගයට ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද  (15) තීන්දු කළේය.
 
පෙත්සම විභාගයට ගැනීමට නීතිමය පදනමක් නොමැති බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය.
 
වාහන බලපත් විකිණීම ගැන  පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයාගේ විරෝධතාව පිළිගනිමින් අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
 
මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් ,උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන මහත්වරුන් ගෙන සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා කැඳැවිණි.