මන්ත්‍රී ගෙදර බිත්තියේ වෙඩි පහර දෙකක්


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාගේ නාවල විජයබා මාවතේ දෙමහල් නිවසේ සඳළු තලයේ බිත්තියක වෙඩි පහර දෙකක් වැනි සලකුණු ඇති බවත්, හිස් පතොරොන් තුනක් හමුවූ බවත් ඔහුගේ ආරක්ෂකයන් පැවැසීයැයි මිරිහාන පොලීසිය කියයි. රොකී නම් පොලිස් බල්ලා ද, අද එම ස්ථානයට රැගෙන යනු ලැබීය. බදාදා මධ්‍යම රාත්‍රියේ වාහනයක් ආ බවට සැකයක් පවතින බවත්, මන්ත්‍රීවරයාගේ නිවෙස ඉදිරිපිට සිට කිසිවකු වෙඩි තැබුවේදැයි සැකයක් පවතින බවත් පොලීසිය කියයි. මිරිහාන පොලීසිය සිද්ධිය ගැන පරීක්ෂණ අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.