මනම්පිටියෙත් 35 ක් කොටුවෙලා
ගංවතුරට කොටුවූ පවුල් අටක 35 දෙනෙක් දෙදිනක සිට මනම්පිටිය සාම පාලම උඩ සිටිති. කාන්තාවෝ 11 දෙනෙක්ද, ළමෝ නව දෙනෙක්ද ඒ අතර වෙති.
කොටුවී සිටින්නේ මනම්පිටියේ ගඩොල් සහ වැලි කර්මාන්තයේ යෙදෙන පිරිසකි. දුම්රිය හා වාහන ගමනාගමන කටයුතු ඇනහිට තිබෙන බැවින් ඔවුනට කිසිඳු ප්රදේශයකට ගමන් කිරීමට නොහැකිවී ඇත. දිඹුලාගල ප්රාදේශීය ලේකම් එම්.යූ. නිශාන්ත මහතා කීවේ පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකයට දැනුම් දී ඉතා ඉක්මනින් ඔවුන් මුදා ගැනීමට කටයුතු කරන බවයි.

